අද (30) දින පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා පැරෂුට් සංදර්ශනය සදහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු හදිසියේ අනතුරකට ලක්ව රෝහල් ගතකර ඇති බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් සහ යුද හමුදාවේ පැරෂුට් භටයින් දෙදෙනෙක් වේ.

ඉහළ අහසේදී හදිසියේ ඇතිවු සුලං තත්ත්වයක් හෙතුවෙන් පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරට පත්වූ පැරෂුට්කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව සදහන් කර සිටි.

අනතුරෙන් යුද හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනාගේ එක් අයෙකු ගාලු මුවදොර ක්‍රිඩාංගනයටත් අනෙත් නිලධාරීයා ප්‍රධාන මාර්ගයටත්, ගුවන් හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු ෂැන්ග්‍රිල්ල හොටලයෙ වහලය මතටත් ඇද වැටි ඇත

සුළඟේ දිශාව අනපේක්ෂිත ලෙස වෙනස්වීම අනතුරට හේතුවී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරන අතර තුවාල ලැබූ පැරෂුට් භටයින් සිව්දෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සහ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page