වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේත් අධ්‍යාපන අමාත්‍යංශයේත් භාවිතය සඳහා උවමනා කරන වාහන කිහිපයක් මෙරටට ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත. .
ශ්‍රී ලංකන් ගුවන් සේවයට වාහන තුනක්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලින් පරිත්‍යාග කර ඇති ජංගම වහන තුනක්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් පරිත්‍යාග කරන ලද ද්විත්ව කැබ් රථ විසි එකක්, ආසියානු සංවර්ධන බැංකුව මගින් සපයන ලද බස් රථ දෙකක්, කොරියානු අරමුදල් ව්‍යාපෘතියෙන් ලබා දී ඇති එක් වාහනයක් ද මෙසේ ආනයනය කිරීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් පොදුවේ වාහන ආනයනය තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ විදේශ විනිමය පීඩනය ලිහිල් කිරීමේ පියවරක් ලෙස වේ.
