කටුනායක අධිවේගී මාර්ගයේ දී සිදුවූ හදිසි රිය අනතුරකින් මියගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් සාකච්ඡා ආරම්භ කර ඇති බව සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරයි.

සනත් නිශාන්ත මහතා පුත්තලම දිස්ත්‍රික්කයට සිදු කරන ලද මෙහෙවර කඩාකප්පල් නොවී ඉදිරියට ගෙන යෑම සඳහා මේ පිළිබඳව සලකා බලමින් සිටින බවත් අදාළ යෝජනාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ කැමැත්ත හිමි වී ඇති බවත් මෙම යෝජනාව පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ මහතා සඳහන් කර ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවෙදි පක්ෂයේ නායක මහින්ද රාජපක්‍ෂ හා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාද මේ පිළිබඳව දැනුම් දීමට නියමිතව ඇති බවත් ඇයට මන්ත්‍රී ධූරය ලබාදීම සඳහා පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page