පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලෙහි (UCFM Tower) පිහිටි ශ්‍රවණාගාරයේ දි සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාව තුල 22,000 ඉක්ම වූ වෛද්‍ය නිලධාරී කාර්ය මණ්ඩලයක් සේවයේ නිරත වන අතර 2022 වසරේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1622 කට පත්වීම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සදහන් කරන ලදි.

මෙරට රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට පවතින පුරප්පාඩු පිරවීම සදහා මෙම වෛද්‍යවරුන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී.

වත්මන් ආර්ථික ගැටළු හමුවේ වුව ද මෙරට ජනතාවට ගුණාත්මක, විදිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් මෙම පත්විම් ලබාදීම සිදු කරන අතර සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු පවතින වෘත්තීන් වලට අදාලව පත්වීම් ලබාදීමටද සැළසුම්සහගත වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්‍, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය‍, අධ්‍යක්ෂවරුන් වන වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශණ සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ යන මහත්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පි‍රිසක් එක්විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page