ශ්‍රී ලංකාව පත්ව ඇති දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියානු රජයෙන් ලබා දිය හැකි උපරිම සහාය ඉදිරියේදී ලබා දිමට කටයුතු කරන බවට ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශංකර් තමන්ට පොරොන්දු වූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

තම දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතා විමුක්ති පෙරමුණට ඉන්දියානු රජයෙන් නිල සංචාරයකට ආරාධනා කිරීම විශේෂත්වයක් බවත් ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් ද අනුර කුමාර දිසානායක මහතා තමාට මුණ ගැසීම පිළිබඳව සතුටට පත්වන බව සදහන් කර බවත් අනුර කුමාර සදහන් කර සිටියා .

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, ජාතික ජනබල වේගයෙ නියෝජිත පිරිස ඊයේ (පෙබ. 5 ) විදේශ අමාත්‍යවරයා හමුවිමෙන් අනතුරුවය ..

විශේෂයෙන් ම මෙහිදී ශ්‍රී ලංකාව දැනට පත්ව ඇති ආර්ථික අර්බුදයත්, ජනතාව දෛනිකව මුහුණ දෙන ගැටලු සහ රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම වැනි කරුණු පිළිබඳව සාකච්ඡා විය.

ඉදිරියේදී ලංකාව මුහුණ දෙන ගැටලුවලදී ඉන්දියාවට සහාය දිය හැකි ආකාරයත් ඊට මැදිහත් වන වැඩපිළිවෙළ පිළිබඳවත් ඉන්දියානු රජයේ අවධානයට යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත

මේ වසරේ ජාතික මැතිවරණයක් අපේක්ෂාවෙන් සිටින බවත් දෙරට අතර පවතින මිත්‍රත්වය ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් එදා සිට පවත්වා ඇති දෙරටේ අන්‍යෝන්‍ය මිත්‍රශීලීත්වය මෙන් ම ද්විපාර්ශ්වික ගිවිසුම් පිළිබඳව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අනුර දිසානායක මහතා අතර සාකච්ඡා වි ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page