මිලියන 128 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටින පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණය අද සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

පාකිස්තාන මහ මැතිවරණයට සමගාමීව, පළාත් සභා මැතිවරණය ද පැවැත්වෙන බවත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් 266 දෙනකු තෝරා පත් කර ගැනීම සදහා ය පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ පන්ජාබ්, සිං, බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා පළාත් සඳහා නියෝජිතයන් පත් කර ගැනීමටය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය දැඩි ලෙස මර්දනයට ලක් කර ඇති බැවින්, මෙවර මහ මැතිවරණයේ දී ප්‍රධාන පක්ෂ ලෙස ඉදිරියට පැමිණ සිටින්නේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් නායකත්වය දරණ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු 35 හැවිරිදි බිලාවල් බූතෝ නායකත්වය දරණ පාකිස්තාන ජනතා පක්ෂයයි. 2008 වසරෙන් පසු, පාකිස්තාන ජනතා පක්ෂය මැතිවරණ ජයක් අපේක්ෂා කරනු ඇති බව සදහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page