ශ්‍රී ලංකා ටෙලෙකොම් ආයතනය විසින් ඩයලොග් ආයතනයට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (07) හදිසියේ ඉල්ලා අස්කර ගනු ලැබිම පිළිබඳව බරපතළ සැකයක් ටෙලෙකොම් ආයතනයේ කාර්ය මණ්ඩලය තුළ හට ගෙන ඇතැයි වාර්තා වේ.

රජයට අයත් SLT Mobitel ආයතනය ඉක්මවා යන සංඛ්‍යාත ප්‍රමාණයක් ව්‍යාපාරික උපක්‍රම හරහා ඩයලොග් සමාගම විසින් අත්පත් කර ගැනීමට එරෙහිව CA/WRIT/349/23 අංකය යටතේ ඩයලොග් සමාගමට එරෙහිව මොබිටෙල් සමාගම විසින් 2023 වසරේදි එම නඩුව පවරා තිබිණි.

ඩයලොග් ආයතනය විසින් එයාටෙල් ආයතනය අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන්ට මෙගා හර්ට්ස් 215ක සංඛ්‍යාත ධාරිතාවයක් සහ 600 ඉක්මවූ සම්ප්‍රේෂණ කුළුණු සංඛ්‍යාවක් සතු විය.

රජයට අයත් මොබිටෙල් ආයතනයට මෙගා හර්ට්ස් 105ක සංඛ්‍යාත ධාරිතාවයක් ලැබීමෙන් පොදු මහජන අවකාශයේ සමාන තරඟකාරීත්වයකට අවස්ථාව අහිමිවීම විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ පවත්වාගෙන යා යුතු සාධාරණ සංඛ්‍යාත බෙදීම ඉක්මවා යන තත්වයක් නිර්මාණය කරයි .

ඒම පදනම මත ඩයලොග් සමාගමට එරෙහිව මොබිටෙල් සමාගම විසින් 2023 වසරේදි මෙම නඩුව පවරා තිබුණු අතර ටෙලෙකොම් ආයතනයේ පෙර සිටි අධ්‍යක්ෂ මණ්ඩලය එම ආයතනය රැක ගැනීමේ අරමුණින් නඩුව පවරා තිබූනත් වත්මන් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය එය ඉල්ලා අස්කර ගනු ලැබීම ටෙලෙකොම් ආයතනයේ කාර්ය මණ්ඩලය තුළ සැකය හට ගැනීමට හෙතු වි ඇති බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page