එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් ධීවරයන්ට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සම කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් අද (09) නිෂ්ප්‍රභ කර ඇත.
අදාළ නෞකා අනතුර හේතුවෙන් තම ප්‍රජාවට සිදු වූ හානිය වෙනුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1170 ක විශාල වන්දියක් ගෙවන මෙන්
නියෝගයක් නිකුත් කරන ලෙස ධීවර ප්‍රජාව සිය පෙත්සමෙන් ඉල්ලා සිටියේ ය .
මීට පෙර අදාළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නෞකා අනතුර හේතුවෙන් ධීවර පවුල් 20,000 කට අධික සංඛ්‍යාවක් අගතියට පත් ව සිටින බව සඳහන් කරන ලදි
අදාළ නෞකා සමාගමේ නොසැලිකිලිමත් හා වගකීමකින් තොර ක්‍රියා කලාපය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව සඳහන් කළ නීතිඥවරිය පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ අනුව අද දින නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොර ව එය නිෂ්ප්‍රභ කිරීමට නියෝග කරන බවයි.
