ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස අද (9) පැතුම් නිශ්ශංක ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට නම ඇතුළත් කර ගැනීමට සමත් විය.
ඒ ඔහු ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ අද පන්දු 139 කදි ලකුණු 210 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවටද පත්වෙමින් ය.
සනත් ජයසූරිය 2000 වසරේ සාජාහිදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 189 මීට පර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ඉහළම ලකුණු ලෙස පැවතුණු අතර ඒය අභිබවා යමින් වසර 24කට පසු පැතුම් නිශ්ශංක එම වාර්තාවට හිමිකම් කීමට සමත් වී ඇත.
2021 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට විසි ඔහු 25 වන වියේ පසුවන තරුණ ක්‍රිඩකයෙකු විම වීශේෂත්වයක් වේ.
