රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම මේ අවස්ථාවේ දි ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටි
බදු ලිපිගොනු සැකසීමේ කාර්යයට නිලධාරීහු 9 දෙනෙක් පමණක් සිට්න බවත් සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් එක් ලිපිගොනුවක් සැකසීමට පැය භාගයක් ගතවන බවත් ඒ අනුව දිනකට සැකසිය හැකි ලිපිගොනු සංඛ්‍යාව 144 ක් බවත් ඔහු සදහන් කරයි .
එක්කෝටි හැට ලක්ෂයක ලිපිගොනු සැකසීම සඳහා ඒ අනුව දිගු කාලයක් ගතවන බවත් එය මේ මොහොතේ කිසිදු ප්‍රායෝගිකත්වයක් නොමැති බවත් සැමට බදු ලිපිගොනු විවෘත කිරීම ප්‍රායෝගික නොවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
නව බදු ලිපිගොනු සෑම පුද්ගලයකු වෙනුවෙන් විවෘත කිරීමට පෙර, මෙතෙක් නොගෙවූ බදු අය කර ගැනීමට පියවර ගත යුතුය. ඊට විධිමත් වැඩපිළිවෙළක් වත්මන් රජය සතුව නොමැති බව ඔහු පවසයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කළ යුත්තේ බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් 1272 ක බදු අය කර ගැනීම බවත් මේ වන තුරු ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැති බවත් ඔහු චෝදනා කර සිටි.
ජනතාව පීඩාවට පත් කරමින් ප්‍රායෝගික නොවන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී ඇති ආණ්ඩුව නවීන තාක්ෂණය ඔස්සේ පුද්ගලයන්ගේ ගනුදෙනු නිවැරදිව නිරීක්‍ෂණය කළ හැකි ක්‍රම තියේද්දි ඒවා ක්‍රියාත්මක නොකරන බවත් ඔහු පවසයි
ඒ සඳහා QR කේත යොදාගත හැකි බවත් ඉන්ධන සඳහා කේතය හඳුන්වාදීම සාර්ථක වු බවත් ඒ අනුව ඉන්ධන විදුලිය සහ ජල බිල්පත් සඳහා QR කේත භාවිතයට ජනතාව යොමුකරවීමට රජය පියවර ගත යුතු බවත් ඒ යටතේ ගනුදෙනු හා ඒවායේ වටිනාකම් පිළිබඳ නිවැරදි දත්ත ලබාගැනීමට හැකියාව ඇති බවත් බදු අයකිරීම විධිමත් තත්වයකට පත් කිරීමට එය පිටිවහලක් බවත් චම්පික රණවක පවසා සිටියා
