විදේශීය රටවල න්‍යාය පත්‍රයන්ට හා විදෙස් නායකයන්ට අවශ්‍ය පරිදි මෙරට කටයුතු මෙහෙයවීමට ඉඩ නොතැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞරුෂත්වය සම්බන්ධයෙන් සතුටු විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා .

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සැසි වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවාදය සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලා.

ජනාධිපතිවරයා පිළිබඳව විශාල ගෞරවයක් තමන්ට තිබෙන බවත් විපක්ෂයේ සිටින කාලයේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට කටයුතු නොකල බවත් අරගලයෙන් අරාජික වූ රට භාර ගැනීමේ පෞරුෂයක් තිබූ එකම නායකයා ලෙස පසුගිය වසර දෙකක ප්‍රගතිය තුළ ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය කැපී පෙනෙන බවත් ඔහු සදහන් කර සිටියා

වත්මන් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ රටේ ජන ජීවිතය ගොඩනැගෙම්න් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින බවත් විදේශ රටවල සහය සහ විදේශ අයෝජන ද ලබා ගැනීමට ද පියවර ගෙන තිබෙන බවත් සදහන් කලා.

කෘෂි කර්මාන්තය සඳහා සුදුසු ඉඩම් තෝරාගෙන කෘෂි කර්මාන්තය වැඩිදියුණු කිරීමටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළින් තරුණ ජීවිතවලට වඩාත් යහපත් ඉදිරි අනාගතයක් සකස් කර ගැනීමට කටයුතු කිරීමත් ජනාධිපතිවරයා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළ ව්‍යවස්ථාදායකයේ වගකීම මනා ලෙස ඉටු කරමින් වඩාත් සමෘද්ධිමත් රටක් වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත් සදහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page