සමාජ ආරක්ෂණ පනත සම්මත කර ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට මුලුමනින් ම පිටුපා ක්‍රියා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්. ටී. බී. දෙහිදෙණියගේ සදහන් කරයි .

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිර්දේශවලට මුලුමනින්ම පිටුපා කූඨ උපක්‍රම උපයෝගී කරමින් පනත සම්මත කර ගෙන ඇති ආකාරය පිළිබඳව කතානායක ඇතුළු අදාළ පාර්ශව වෙත මානව හිමිකම් කොමිෂන් සභාව විසින් යවන ලද ලිපියෙ ප්‍රධාන කරුණු 5ක් මගින් විස්තර සහිතව පෙන්වා දී ඇත .

පනත් කෙටුම්පතේ ඉදිරිපත් කරන ලද වගන්ති වෙනත් අංකයක් යටතේ සම්මත කර ගත් පනතේ ඒ ආකාරයෙන් ම ඇතුලත් කර තිබෙන බවට මානව හිමිකම් කොමිෂන් සභාව චෝදනා කරයි .

කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී 17 වෙනි වගන්තිය මුලුමනින්ම සම්මත කළ පනතේදී 16 වෙනි වගන්තිය ලෙස ගෙන ඇත. එමෙන් ම කෙටුම්පතේ 21 වෙනි වගන්තිය සම්මත කළ පනතේ 19 වෙනි වගන්තිය ලෙස ද කෙටුම්පතේ 22 වෙනි වගන්තිය සම්මත කළ පනතේ 20 වෙනි වගන්තිය ලෙස ද කෙටුම්පතේ 31 වෙනි වගන්තිය සම්මත කළ පනතේ 27 වෙනි වගන්තිය ලෙස ද ආදී වශයෙන් පනතේ වගන්ති අංක වෙනස් කරමින් යොදා ගෙන ඇති බව එම ලිපියෙන් දන්වා ඇත

ඊට අමතරව සම්මත කළ පනතේ 13 වෙනි වගන්තියේ සඳහන් වචන මුලුමනින්ම ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබුණ ද එය නොසලකා ක්‍රියා කර ඇති ආකාරය මානව හිමිකම් කොමිෂන් සභාව යවන ලද ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි .

කතානායකවරයාට යවන ලද ලිපියේ පිටපත් මහජන ආරක්ෂක ඇමති, අධිකරණ ඇමති, අගමැති ඇතුළු පාර්ශව වෙත ද යොමු කර ඇති බව සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page