සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී සාධනීය යෝජනාවක් ඉදිරිපත් නොවන්නේ නම් ඕනෑම මොහොතක දිවයින පුරා රජයේ රෝහල්වලදී යළි අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කර සිටි .

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පසුගිය 7 වනදා සිදුකිරීමට යෝජනා කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග පසුගිය 6 වෙනිදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව තාවකාලිකව සතියක කාලසීමාවකට අත්හිටුවීමට තීරණය කරන ලදි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර හෙට (12) වනදා සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටුකිරීමට,අපොහොසත් වුවහොත් නැවත වෘත්තිය ක්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව ඔවුන් සදහන් කර සිටියා

වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හැරීමෙන් පසුව එම සන්ධානයට අයත් වෘත්තීය සංගම් 72 ක සාමාජිකයන් පළාත් මට්ටමින් සහ රෝහල් මට්ටමින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් මේ වන විට සිදු කරමින් පවතින බවද එම සන්ධානය සදහන් කලා.

වෛද්‍යවරුන්ට රුපියල් තිස්පන්දහසකින් වැඩි කළ ‘ඩැට්’ දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ඔවුන් ආරම්භ කරනු ලැබු2

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page