හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී ජිප් රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ට කැඳවා ප්‍රකාශයක් ලබා ගෙන ඇත.
එම රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්ත මහතාගේ බිරිඳ, නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් මිට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරාපත් කර ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණ සම්බන්ධයෙන් මේ වනවිට එම කොට්ඨාසය පරීක්ෂණ පවත්වන බවත් කන්ටේනර් රථයේ රියදුරා පැය 5ක පමණ ප්‍රකාශයක් ලබාදුන් බවත් වාර්තා වේ.
සනත් නිශාන්තගේ ජීවිතයට මරු කැඳවූ රිය අනතුරක් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දැනට රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබන රියදුරු වැඩිදුරටත් කියා සිටියේ කන්ටේනර් රථය පසුපසට නැවැත්වීමෙන් පසු රථය පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ තිබූ බාධකයේ ගැටීමෙන් තමා අනතුරට පත් වූ බවයි.
දැනට සිදුකෙරෙන පරීක්ෂණ අනාවරණයන් වාර්තා කර තිබුණේ සිද්ධිය වන අවස්ථාවේ රථය පැයට කිලෝමීටර් 160 ක පමණ වේගයෙන් ධාවනය වී ඇති බවයි.
