ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සිදු කළ විමර්ශනයකදී එම කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට තර්ජනය කිරීම හේතුවෙන් ඔහුගෙන් සමාව ගැනිමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේට සිදු වී ඇත

මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කළ පැමිණිල්ලක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කමිටුව පරීක්ෂණ කිරීමෙන් පසුව කමල් ගුණරත්න සහ විකුම් ලියනගේ තර්ජනය කළ බව හඬපටවලින් තහවුරු කර ගෙන ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙම තර්ජනය සිදු කර ඇති අතර එයට හේතුවී තිබෙන්නේ සන්නද්ධ හමුදාවන් හි සෙබළු සංඛ්‍යාව ලක්ෂය දල්වා අඩු කර අනවශ්‍ය වියදම් කපා හැරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ හමුදාපති කර තිබූ යෝජනාවක් සම්බන්ධයෙන් ඇති වූ විවාදයකදී වේ

මන්ත්‍රී චන්දිම වීරක්කොඩි එහිදී පෙන්වා දී තිබෙන්නේ හමුදා සෙබළු සංඛ්‍යාව අඩු කර වියදම් අඩු කරනවා වෙනුවට සන්නද්ධ හමුදාවන් හි ඉහළ නිලධාරීන්ගේ අනවශ්‍ය වියදම් පාලනය කිරීමට ක්‍රියා කළ යුතු බවයි.

මෙහිදී කමල් ගුණරත්න සහ විකුම් ලියනගේ මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට තර්ජනය කර ඇති බව විමර්ශනවලදී ඉදිරිපත් කළ හඬපටයෙන් තහවුරු වී ඇත ඒ අනුව ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී මන්ත්‍රීවරයාගෙන් කමල් ගුණරත්න සහ විකුම් ලියනගේ සමාව ගෙන තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page