මැලේසියාවේ සිට ආනයනය කරන ලද අඩි 40 ක් දිග බහාලුම් හතරක නිති වීරෝධි ලෙස ගෙන්වන ලද රුපියල් ලක්ෂ 1500 ක් වටිනා නිමි ඇඳුම් තොගයක් අත්අඩංගුවට ගැනිමට රේගු නිෂ්කාශන අංශයේ නිළධාරීන් සමත් වී ඇත.
රේගු නිළධාරීන්ට ඇති වූ සැකයක් මත දීර්ඝ බුද්ධි විශ්ලේෂණයකින් අනතුරුව රදවා පරීක්ෂා කිරීමේ දී ඒම බහාලුම් වල නිමි ඇඳුම් තිබු බවත් එක් බහාලුමක නිමි ඇඳුම් 44,000 බැඟින් බහාලුම් හතරේම නිමි ඇදුම් 160,000 කට ආසන්න ප්‍රමාණයක් තිබී සෙයා ගන්නා ලදී.
ශ්‍රී ලංකා රේගුවේ රේගු ආදායම් අධික්ෂණ අංශය සදහන් කරන පරිදි මෙමඟින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 60 ක් බවත් .මේවායේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 150 කට ආසන්න බවත් සදහන් කරන ලදි.
මේවා වත්තල,කොළඹ හා පානදුර ප්‍රෙද්ශවල පිහිටි ඇඟුලුම් ආයතන තුනක් විසින් මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වේ.
