කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව එහි සේවය කරන සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ ඔහුගේ කාර්යාලය ඉදිරිපිට මේ වන විට උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබෙන බවත් ඒම ස්ථානයට පොළිස් ආරක්ෂාව යොදා ඇති බවද වාර්තාවේ.

එම අවස්ථාවේ දී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සුළු සේවකයින්ට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත.

ඔහු කියා සිටියේ, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතාගේ මතය අනුව සුළු සේවකයින් ක්‍රියා කරන බවත් ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page