සමාජ ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියවා සම්මත කර ගැනීමේදී අනුගමනය කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග නොතකා කථානායක මහින්ද යාපා අබේවර්ධන එම පනත බලාත්මක කරමින් අත්සන් තැබීම අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්ධිරන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත
පාර්ලිමේන්තුවේදී දෙවෙනි වර කියවා සම්මත කිරීමේදී එය නිසි පරිදි සම්මත කර ගෙන නොමැති බැවින් එයට අත්සන් නොකරණ ලෙස නීතී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කතානායකගෙන් ඉල්ලා ඇත .
ශ්‍රේෂ්ඨාධිකරණයේ නියමයන්ට පිටුපා පනත සම්මත කර ගෙන ඇති ආකාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද වගන්ති උපුටා දක්වමින් ලිඛිතව කතානායකට දන්වා ඇත
ඒසේ තිබියදී ඒ කිසිත් නොතකා එයට අත්සන් තැබිම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනුකර ඇත
කතානායකවරයා හා නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් වශයෙන් කටයුතු කර ඇති බැවින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතයි ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ
ඒලෙස කරුණු තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මුළුමනින්ම නොතකා හරිමින් ආණ්ඩුව ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඔන්ලයින් පනත සම්මත කර එයට අත්සන් කිරීම පිළිබඳව මෙසේ අභියෝගයට ලක් කර ඇත.
