රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනි යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.
පසුගිය 2023 වසරේ රාජ්‍ය ආදායමෙන් පොලී සඳහා වැය කර ඇති මුදල සියයට 71 ක් බවත් 2000 වර්ෂයේදී සිට රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ශ්‍රී ලංකාව සිට්න බව ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.
ශ්‍රී ලංකාව 2000 වර්ෂයේදී රාජ්‍ය ආදායමෙන් ණය සඳහා පොලී වශයෙන් සියයට 33ක මුදලක් ගෙවා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ණය සඳහා පොලී ගෙවන රටවල් අතර පස්වෙනි ස්ථානයට එම වර්ෂයේදී පත්විය.
2010 වර්ෂයේ දී ණය සඳහා වැඩිම පොලී ගෙවන රටවල් අතර ලංකාව දෙවෙනි ස්ථානයට පත්විය. ඒ වර්ෂයේදී ගෙවා ඇති පොලී මුදල රාජ්‍ය ආදායමෙන් සියයට 42 කි.
