ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සංවිධානය කරන, ජාතික ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම උදෙසා බුද්ධි, නිරීක්ෂණ හා ඔත්තු බැලීමේ ගුවන් යානා ප්‍රදර්ශනයක් මාර්තු 12 දින සිට මාර්තු 14 දින දක්වා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්වවේ
වඩාත් ආරක්‍ෂිත ඉන්දු-පැසිෆික් කලාපයක් බිහි කිරීම උදෙසා, නීති විරෝධී ජාවාරම් වැලැක්වීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සාගර සම්පත් වඩාත් හොඳින් ආරක්ෂා කිරීමට සමුද්‍රීය නිරීක්ෂණ කටයුතුවල නියැලී සිටින ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට විශේෂ පුහුණුවක් ලබා දීම සහ ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර අන්‍යොන්‍ය සබඳතා ශක්තිමත් කර ගැනීම මෙහි අරමුණ වේ.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චංග් (Julie Chung) මහත්මිය, ශ්‍රී ලංකා ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ
නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
