පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානය “මානුෂීය ජනතා සංධානය ” මේ මස 20 වැනිදා සවස 2.30 ට කොළඹ 7 පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී ආරම්භ කරනු ලබයි.
දේශපාලන පක්ෂ 18 ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානයට මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී නීතිඥ සහ ආගමික සංවිධාන රැසක් සහාය පළ කරන බව ඒහි දේශපාලන නායකයන් සදහන් කරයි .
ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන නායකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි
යම් හෙයකින් ඒම ප්‍රතිපත්ති මාලාව සමග ඒකගතාවයකට පත් විමට දේශපාලන කණ්ඩායමක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ජනාධිපතිවරණයට තරඟ වදින බවද සදහන් කරයි
