තමා සොරකු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කළ ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

කළුතරදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සදහන් කල අතර ..

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු..

විජිත හේරත් මාධ්‍ය හමුවක් පවත්වමින් ජාත්‍යන්ත මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ඔවුන් සාකච්ඡා කළ බවත්, එහිදී කෝප් කමිටුවේ වර්තමාන සභාපතිවරයා වන මා දූෂණ චෝදනාවලට මෙන්ම විවිධ චෝදනාවලට ලක්වූ අයකු බවත් කියා සිටියා.

මේ වන විට මට කිසිදු අධිකරණයක නඩුවක් හෝ චෝදනාවක් මට නැහැ. විජිත හේරත් මහතාට මෙම ප්‍රකාශය පිළිබඳව එන්තරවාසියක් යැවීමට මම කටයුතු කරනවා. ඉන්පසු අධිකරණ ක්‍රියා මාර්ග ගන්නවා.ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මෙවැනි ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ ඊර්ෂ්‍යාව නිසා. කෙනෙකුට චෝදනාවක් කරන විට ඒ පිළිබඳව යම් අවබෝධයකින් කටයුතු කළ යුතුයි.

කෝප් කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට අයිති එකක් බවට ඔවුන් ගෙන එන තර්කය වැරදියි. ඉතිහාසයේ අවස්ථා කීපයකදීම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙම තනතුර හොබවා තිබෙනවා ඔහු වැඩිදුරටත් සදහන් කලා..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page