පාර්ලිමේන්තු මැතිවරණය මුලින් තැබිය යුතු බව, පරදින බව දන්නා එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑම් කරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි.
පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් දක්වන ලදි.
මේ ජනපතිවරනයෙන් ආණ්ඩුව අන්ත පරාජයක් ලැබුවහම ඉන් පසු පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව තවදුරටත් පහත වැටෙන බවත් රාජ්‍ය බලය සමග මැතිවරණයකට යන පක්ෂයකට මැතිවරණයකදී පුංචි වාසියක් තිබෙන බවත් ඔවුන්ගේ පැත්තෙන් නම් මෙසේ පැවසීම සාධාරණ බවත් ඔහු සදහන් කරයි.
නමුත් ජනපතිවරණය පැරදිලා නම් ඔවුන් මහ මැතිවරණයකට යන්නේ ඒ වාසිය ලැබෙන්නේ නෑ. පරදින බව දන්න එජාපය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑමක් කරනවා පාර්ලිමේන්තු මැතිවරනය මුලින් තියන්න කියලා.
දැන් රාජ්‍ය බලය ඔවුන් අතේ. රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය මාධ්‍ය ඔවුන්ගේ වාසියට හසුරුව ගන්න උත්සාහ කරනවා.
