ආර්ථීක අර්බුද හමුවේ ඉදිකිරීම් ප්‍රමාද වී තිබූ මොහොතක ඉතා කෙටි කාලයක් තුළ අපගේ මැදිහත්වීමෙන් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීම මහත් සතුටට කාරණයක් බව ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව සිව්මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරිමේ අවස්ථාවට පසුගියදා සහභාගී වු අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි .

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව සිව්මහල් ගොඩනැගිල්ල සහ නියාගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත කිරිමේ අවස්ථාවට පසුගියදා සිදුවිය.

දකුණු පළාත් සභා ප්‍රතිපාදන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය මගින් උඩුගම මූලික රෝහලේ රුපියල් මිලියන 400 ක වියදමින් නව සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. එහි ශල්‍යාගාර 03 ක්, හදිසි ප්‍රතිකාර ඒකකයක් සහ වෛද්‍ය වාට්ටු 02 ක් පවතිනවා. 2017 වසරේ එහි ඉදිකිරීම් ආරම්භ කොට තිබුනත් රට තුල ඇති වූ කොවිඩ් සහ ආර්ථීක අර්බුද හමුවේ ඉදිකිරීම් ප්‍රමාද වී තිබූ මොහොතක ඉතා කෙටි කාලයක් තුළ අපගේ මැදිහත්වීමෙන් ඉදිකිරීම් අවසන් කිරීමට හැකිවීම මහත් සතුටට කාරණයකි

දකුණු පළාත් සභා ප්‍රතිපාදන සහ ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර පද්ධති සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය මගින් 2021 වර්ෂයේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණු නියාගම ප්‍රාදේශීය රෝහලේ තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර සදහා වැය කළ මුදල රුපියල් කෝටි 9.5 ක් වෙනවා. පළමු අදියර තුල බාහිර රෝගී අංශය, සායන සහ හදිසි ප්‍රතිකාර එකකයක් ද වන අතර එහි දෙවැනි අදියරේ ඉදිකිරිම් කටයුතු සිදු කිරීම රුපියල් මිලියන 20 ක ප්‍රතිපාදන ලබාදීමටද මේවනවිට අප පියවර ගෙන තිබෙනවා.

මේවනවිටත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 22 කට රුපියල් මිලියන 03 බැගින් සහ ප්‍රාදේශිය රෝහල් 21 කට රුපියල් මිලියන 02 බැගින් ලබාදීමට අප සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවශ්‍ය මුදල් වෙන්කර තිබෙන බවත් සදහන් කරන්නේ ඉමහත් සතුටිනි.

මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරල, ඉසුරු දොඩංගොඩ, යදාමිනී ගුණවර්ධන, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ප්‍රාථමික සෞඛ්‍ය සවිබලගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන යන මහත්ම මහත්මින්ද, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක්ද එක් වුහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page