Type

මහජන විරෝධය මත තම ධුරය අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හිතුමතේ සිදුකළ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට ( 240,000,500) වඩා වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ඒ පිළිබඳව සිදුකළ අධ්‍යයනයක දී තොරතුරු අනාවරණය වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

එසේම රසායනික පොහොර තහනම් කිරීමෙන් අත්තනෝමතික තීරණය හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේ දී පහළ ගිය බවත් මේ හේතුවෙන් එම වර්ෂයේ දී සෑම ගොවියෙකුටම දල වශයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කරයි.

පසුගිය වසරේ මහ කන්නයේ වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව සියයට 36 ක් ඒනම් මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින් (1,130,164) ද, යල කන්නයේ වී නිෂ්පාදනය සියයට 30 ක් වූ මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස් පන් සිය විසි හතකින්ද (626,527) පහළ ගොස් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ සදහන් කරයි

රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47,000කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව එම අධ්‍යයනයේ දී පෙනී ගිය බව පවසන මහාචාර්යවරයා එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක පමණ පහළ යෑමක් බව සඳහන් කරයි.

තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි හය දහස් අසූ හතරක් වූ බව සිය ගණනය කිරීම් අනුව අනාවරණය වූ බවද ඔහු පේනවාදෙයි.

පසුගිය වසරේ දී රබර් අපනයනය සියයට 1.8 කින්ද පොල් අපනයනය සියයට 5.9 කින්ද කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පැවසූ මහාචාර්ය අතුකෝරළ වැඩිදුරයත් පවසන්නේ විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ බවය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page