ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමන් උපරීම සහයෝගය ලබාදෙන බව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි .
ඔහු මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී ඒක්වෙමින් ය.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් වේ
ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ….
“මාගේ ජීවිත කාලය තුළ ඔබතුමාට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කවදාවත් විශ්වාස කළේ නැහැ ඔබතුමත් එක්ක වැඩ කරන්න ලැබෙයි කියලා. කෙසේවුවත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය ඇමතිවරයෙක්වීම ගැන.”
“අපේ පක්ෂයේ අපේ වැරදිත් තිබ්බා… රජයට පාලනය කරගන්න බැරි අවස්ථාවක ඔබ මේ වගකීම භාර ගත්තා.”
“අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.” ලෙස හෙතෙම පැවසුවේය.
