ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා පිරිනමන පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් තමාට දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් දී ඇත
ඒ සදහා ජනාධිපතිවරයාගෙන් ලැබුණු ඉල්ලීම සහ උපදෙස් සලකා බලමින් ඉතා ඉක්මනින්ම ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් සකස් කර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි
ආර්ථික අර්බුද පැනනැඟීමට ප්‍රථම වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු සහ මූල්‍ය ආයතන ගිණුම් සඳහා වාර්ෂිකව සියයට 15 නොඉක්මවූ පොලී ප්‍රතිශත පිරිනමා තිබුණත් මේ වන විට එම පොලී ප්‍රතිශත තනි ඉලක්කමේ ප්‍රතිශත බවට පත් වී ඇත.
මේ තත්ත්වය නිසා පොලී ආදායමෙන් ජීවත් වූ බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අපහසුතාවන්ට පත්ව ඇති බවත් ඔවුන් මේ සම්බන්ධයෙන් වරින් වර ජනාධිපතිවරයාද දැනුවත් කොට ඇති බව ද ඔහු සදහන් කලා..
එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මේ කරුණ පිළිබඳ සාවධානව සහ සානුකම්පිතව සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස සදහන් කල බව සියඹලාපිටිය මහතා පවසා සිටියා
