විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට මෙ වන බිට තොරතුරු වාර්තා වන බවට සදහන් වේ.
ඒ අනුව මෙම පිරිසෙන් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් බවත් විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් සදහන් කරයි .
ඔවුන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් යම් කිසි පුද්ගලයකු අභියෝගයට ලක් කල කළහොත් ඔවුනට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් පමණක් එම මන්ත්‍රී ධූරයන්හි රැඳී සිටිය හැකි බවත් මේ වන තුරු ඔවුනට ඒරෙහිව එවැන්නක් වාර්තා වි නැති බවත් ද්විත්ව පුරවැසිභාවය පැහැදිලි වශයෙන් අධිකරණය හමුවේ ඔප්පු කළහොත් ඔවුනට ද මන්ත්‍රී දුරය අහිමි විය හැකි බව ද ඔවුන් සදහන් කරයි
