තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කරයි …
ඒ පසුගිය දා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය…
එ අනුව අනුව නිශ්චිත කාල සීමාවකට දිවයිනේ පෝෂණ අවශ්‍යතා හඳුනාගත් දරුවන් උදෙසා ලබාදීම සඳහා මෙලෙස කොන්දේසි සහිතව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවසර ලබා දිමට කටයුතු කල බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් මෙහිදී කියා සිටියා.
නියමිත ප්‍රමාණය ඉක්මවා ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට මීටපෙර කටයුතු කර තිබුණු අතර එම වයස් ඛණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය සියයට 1 කට වඩා වැඩි විම එයට හේතු විය.
කෙසේ වෙතත් පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබාදීම අවශ්‍ය බැවින් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා එලෙස කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී ඇත.
එමෙන්ම ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ගුණාත්මක බැවින් ඉහළ බඩඉරිගු වගා කිරීමේ අවශ්‍යතාවය හා ත්‍රිපෝෂ නිෂ්පදන අවස්ථාව තෙක් එම ගුණාත්මක බව රැකගැනීම සඳහා කලයුතු කාර්යයන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර ඇත .
