අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇදහැළුනු අධික වර්ෂාපතනය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී ඇති බැවින් එම පිවිසුම තාවකාලිකව වසා දැමු බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරයි ..
ඒ හේතුවෙන් එම පිවිසුමෙන් අධිවේගී පිවිසුමට ඇතුළු වීමට හෝ පිටවීමට නොහැකි බවත් නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය කියයි…
