හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමට යොදාගත් බව කියන පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත .
මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරමින් මෝසමක් මගින් අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිස්තෝලය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලැබුණු පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මෙම සිද්ධියෙන් දින දෙකකට පසුව සැකකාර පොලිස් අධිකාරී සංජීව මහානාම රාජකාරී පිස්තෝලය ක්‍රියාකාරී තත්ත්වයේ නොමැති බව පවසමින්, එය පොලිස් අවි ගබඩාව වෙත භාරදී තිබූ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.
පසුව මධ්‍යම අවි ගබඩාව සිදු කළ පරීක්ෂණයකදී තහවුරු වූයේ අදාළ ගිනි අවිය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවත් හිටපු මන්ත්‍රී රංගන ශිල්පි උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම යන දෙදෙනා සැලසුම් සහගතව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දිය.
සැකකාර පොලිස් අධිකාරීවරයා පසුගිය 12 දා මැලේසියාව බලා පිටත්ව ගොස් ඇති බව පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කර සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජකාරි ගිනිඅවි අන්සතු කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ය.
