රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහාය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකට කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුව ද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කලා.

අපට නොගැලපෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම ආණ්ඩුව දිගින් දිගටම සිදු කලත් අප ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න හෝ මේ රටේ දේශපාලන ස්ථාවරත්වය කඩන්න අපි කටයුතු කර නැති බවත් ඔහු සදහන් කර සිටියා .

පක්ෂයක් විදිහට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක බවත් අපේ වගකීම අපි ඉටු කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු…

සජබ මන්ත්‍රීවරුත් චෝදනා කරලා තියෙනවා එතුමා පක්ෂ දෙකට කඩනවා කියල. බැලූ බැල්මට අපේ පක්ෂයත් කඩන්න උත්සාහ කරනවා. ඒක හංගන්න දෙයක් නෙවෙයි. ඒ නිසානේ වෙනත් වේදිකාවල අපේක්ෂකයෝ යෝජනා කරන්නේ. හැබැයි අපි අවංකව රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කළා. හැබැයි අපිට ලැබෙන්නේ අවසානයේ අපේ පක්ෂය දෙකඩ කිරීමට ගන්නා උත්සාහයක් නම් ඒ පිළිබඳවත් එතුමා කල්පනා කළ යුතුයි.

එතුමාගේ පුරුද්දට ඔය පක්ෂ කඩන්නේ. එතුමා ගේනකොට අපි ඒක දන්නවා. එතුමාගේ පුරුද්දක් විදිහට එක්සත් ජාතික පක්ෂය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. ජේවීපී එක කැඩුවා. එල්ටීටීඊ එක කැඩුවා. පොහොට්ටුව නොකැඩුවොත්නෙ ප්‍රශ්නේ. හැබැයි ඉතින් අවශ්‍ය දේශපාලන තීන්දුව රට වෙනුවෙන් ගත්තා. ඉදිරියේදීත් අපි පෞද්ගලිකව නෙවෙයි පක්ෂයත් ආරක්ෂා කරගනිමින් අපි මේ රටට ගැළපෙන දේශපාලන තීන්දුව ගන්නවා.”

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page