2024 ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය හා නාමයෝජනා කැඳවීම ප්‍රකාශයට පත් කිරීමේ අති විශේෂ ගැසට් නිවෙදනය මේ වන විට නිකුත් කර ඇත.
ඒ අනුව 2024 ජනාධිපති මැතිවරණය සැප්තැම්බර් මස 21 දිනත් ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම අගෝස්තු මස 15 වන දිනත් ඒ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද සිට අගෝස්තු මස 14 වන දින දක්වා සිදුකළ හැකි බවත් එම ගැසට් නිවේදනය සඳහන් කරයි ..
පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50,000 මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂ සහ පුද්ගලයකු සදහා තැන්පත් කල යුතු ඇප මුදල රුපියල් 75,000 ක් වේ.
