ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි .
ඒ අනුව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉවත් කර ඇති අතර හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවට අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත්ව ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු වන අතර ඔක්තෝම්බර් මස 09 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ කබීර් හෂීම් හා සාගර කාරියවසම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සාමාජිකයින් තිදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
