සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළේ, කොළඹ,කළුතර,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල එම වැඩසටහන් සිදු කරන බවයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 50ක් එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනින් ආවරණය කෙරේ.
ලේකම්වරයා සඳහන් කළේ ඩෙංගු මදුරුවන් බෝවිම වළක්වා ගැනිම එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ බවයි.
පසු ගිය දින 21ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1874 දෙනෙකු දිවයිනෙන් වාර්තා වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 41,285 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
