ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කරයි …
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සහ එහි විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක් පමණ වන මීළඟ ණය වාරිකය හිමිවනු ඇති බව ඔහු තවදුරටත් සදහන් කළා.
නව ණය වාරිකය ලැබීමත් සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වාරිකවල සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක් වන අතර 2023 මාර්තු 20 වැනිදා අනුමත වූ සිව් වසරක මෙම ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන සමස්ත ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් වේ…
මේ දක්වා වැඩසටහන යටතේ අත්පත් කරගත් දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථිකය කල් පවත්නා පරිදි යථා තත්ත්වයට පත්වීම හා ස්ථාවර මෙන්ම සැමට ප්‍රතිලාභ සැලසෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තිරසාර ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් බවත් නව රජයේ ජනවරම දූෂණ අවදානම් ආමන්ත්‍රණය කරමින්, ආර්ථික විශ්වාසය යළි ගොඩනැංවීම සහ වර්ධනය වඩාත් ශක්තිමත් ලෙස පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කරනු ඇතැයි මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සදහන් කරයි
