රුසියානු රජය මෙරටට ප්‍රදානය කරන ලද මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර තොගයේ ප්‍රමිතිය කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව ආනයනය කරන ලද එම පොහොර විශ්ලේෂණ වාර්තාව සහ පරීක්ෂාවෙන් පසුව පොහොර තොගය නිසි ප්‍රමිතියෙන් යුතු බවට අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
එම පොහොර තොගයේ වර්ණය පිළිබඳව ගොවීන් සහ ගොවි සංවිධාන අතර පැවති සැකය සම්බන්ධව අමාත්‍යංශයේ අවධානය යොමුවු අතර එම පොහොරවල වර්ණය, පවතින ඛනිජ ලවණ මත තීරණය වන බව ද යකඩ ඔක්සයිඩ් පවතින විට මෙහි වර්ණය රතු පැහැයක් ගන්නා බවද එසේ නොවන අවස්ථාවල සුදු පැහැයක් ගන්නා බවද පොහොරවල ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවද අමාත්‍යාංශය පවසයි ..
