ජපානයේ නව රැකියා අවස්ථා මෙරට ශ්‍රමිකයන්ට වැඩි වශයෙන් ලබාදීමට නිල වශයෙන් ඊයේ (08දා) එකඟතාවය පළ කර ඇත.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි ජපාන තානාපති ඉසොමතා අකිඕ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සභාපති කෝශල වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ මෙම තීරණය දැනුම් දී තිබේ.
මෙරට තරුණයන්ගේ සත්කාර ක්‍රමයන් ඉතා ඉහළින් අගය කල ජපාන තානාපතිවරයා ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයන්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව සිය ප්‍රශංසාව දක්වා ඇත.
ජපානයේ වැඩිහිටි ජනගහණය ඉහළ යෑමත් සමග ඒ හා බැඳී ඇති රැකියා අවස්ථාවන් සඳහා වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයන් එරටට ගෙන්වා ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.
එහිදී, ශ්‍රී ලාංකිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් ජපන් තානාපතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම හා ඉදිරියේදී නව රැකියා ක්ෂේත්ර විවර කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කල සභාපතිවරයා විදේශ රැකියා ක්‍ෂේත්‍රයට අදාළව ජපානයට සිය පූර්ණ සහයෝගය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
නව රැකියා ක්ෂේත්‍ර රැසක අවස්ථාවන් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපානයේ කැමැත්ත….
කාර්යාංශ සභාපති හමුවේ ජපාන තානාපති කියයි
ඉදිරියේදී ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ජපානයේ නව රැකියා ක්ෂේත්ර විවර කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකිඹ මහතා (Mr. Isomata Akio) ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අද දින (2025.01.08) කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේ තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජපානයේ වැඩිහිටි ජනගහණය ඉහළ යාමත් සමග වැඩි වශයෙන් විදේශ ශ්‍රමිකයින් එරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත්, ඒ අතරට ශ්‍රී ලාංකිකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය. එසේම ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව සිය සතුට පළකළ තානාපතිවරයා ශ්‍රී ලාංකික තරුණයින්ගේ සත්කාර ක්‍රමයන් ඉතා ඉහලින් අගය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ඉනොඋඑ මහතා (Mr. Inoue), IM Japan ආයතනයේ සාමාන්‍යාධිකාරී තමුරා මහතා (Mr. Thamura) හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) පී.ජී.ජී.එස්. යාපා යන මහත්වරුන් එක්වී සිටියහ.


