ශ්‍රී ජයවර්ධනපුර රොහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා නැවත වැලිකඩ සමාන්‍ය වාට්ටුව ඇතුලත් කිරිමට නිර්දේශ කරන ලදි.
අදාල සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් බන්ධනාගාර රෝහල තුල නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍යද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් ලිඛිතව විමසා සිටි අතර. ඒ සදහා පත් කල 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම මෙම තිරණය දෙනු ලැබුවා .
එම කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශය ඊයේ දින බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් අතර, එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුල හෝ වෙනත් රෝහලක රෝහල් ගත කර සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.
සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සඳහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවත් ඕනෑම හදිසි සංකූලතාවයකදි ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් වැලිකඩ අධිකාරිවරයාට උපදෙස් ලබා දී ඇත.
