රජයේ සහ රජයේ අනුමත පාසල්හි 2025 වසරට අදාළ පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයී..

ඒ අනුව 2025 පළමු පාසල් වාරය මැයි මස 9 වන දින අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර යළි මැයි 14 වන සඳුදා ආරම්භ විමට නියමිතයි..

අගොස්තු 07 වන දා දෙවන පාසල් වාරය අවසන් වන අතර තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 8 වන දින ආරම්භ වී ඔක්තෝබර් 17 වන දා දක්වා පළමු අදියරත්, දෙවන අදියර නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් මස 19 වන දා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page