සිරි දළදා වන්දනාව සඳහා සැදැහැවතුන්ගේ පැමිණිම තව දුරටත් ඉහළි යාම නිසා නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.
මේ වනවිටත් ලක්ෂ 4 කට වඩා වැඩි සැහැදැවතුන් පිරිසක් මහනුවරට පැමිණ සිටින බැවින් එම තීරණය ගත් බව දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කරයි.
තවදුරටත් සැදැවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බවත් පැමිණ සිටින ලක්ෂ 4ක ජනතාව ගත්තොත් ඔවුන්ට දළදා වන්දනාව සිදුකර ගැනීමට තවත් දින 4ක් හෝ 5ක් ගත්වෙන බවත් සඳහන් කරයි.
මහනුවර නගරය සීමා සහිත බවත් නගරයට දරන්න පුළුවන් සීමාවට ඒහා යාම ඉදිරියේ දී සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත් නැවත දැනුම්දෙන තුරු මේ මහනුවර නගරයට එන්න එපා කියලා ඉල්ලීම් කරන බවත් දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් සඳහන් කර සිටි…
මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසා සිටියේ මහනුවර නගරය තුළට තවත් ජනාතාව පැමිණියහොත් ඒ අයට පහසුකම් ලබාදීමට නොහැකි බැවින් කරුණාකර දළදා වන්දනාවට නැවත දැනුම්දෙන තුරු කිසිවෙකුත් නොපැමිණෙන ලෙසය.
