වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා ඇත.

ඒ විපක්ෂ නායිකාව සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර අමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැති හමුවෙන් අනතුරුවය

මාධ්‍යවෙදීන් අමතමින් ඇය පවසා ඇත්තේ වෙනිසියුලානු ජනතාවගේ නිදහස සඳහා ඔහුගේ කැපවීම අගය කිරීමක් ලෙස සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බවය.

අමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු ඇය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ද හමුව තිබේ.

එමෙන්ම ඇය සිය නොබෙල් සාම ත්‍යාගය තමන්ට ප්‍රධානය කළ බවත් තමන් ඒ සම්බන්ධව ඇයට සිය ස්තූතිය පළ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සඳහන් කර ඇත..

කෙසේ නමුත් මෙම ප්‍රකාශයට නෝර්විජියානු නොබෙල් කමිටුව සඳහන් කර තිබුණේ නොබෙල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කළ පසු එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකු වෙත පිරිනැමීටම නොහැකි බවත් ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ කැමැත්තෙහි හෝ නොබෙල් පදනමේ ප්‍රඥප්තිවල එවැනි හුවමාරුවක් සඳහා හැකියාවක් නොමැති බවය

තවද නොබෙල් පදනමේ ප්‍රඥප්ති අනුව ත්‍යාගයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ත්‍යාග ප්‍රධානය කිරීමේ ආයතනයක තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බවත් ස්ටොක්හෝම් සහ ඔස්ලෝ හි ත්‍යාග ප්‍රදානය කිරීමේ කමිටුවලින් කිසිවක් වරක් ප්‍රදානය කරන ලද ත්‍යාගයක් අවලංගු කිරීම් ගැන සලකා බලා නොමැති බවත් නොබෙල් ආයතනය සඳහන් කර තිබුණි.

එමෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් නෝර්විජියානු නොබෙල් කමිටුව සාම ත්‍යාගයලාභීන්ට ත්‍යාග පිරිනැමීමෙන් පසු ඔවුන් පවසන සහ සිදු කරන දේ සම්බන්ධව අදහස් නොදක්වන බවත් සඳහන් කළ නොබෙල් ආයතනය සිය නිවේදනයේ සඳහන් කර තිබුණේ යම් වසරක් සඳහා නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කළ යුත්තේ කාටද යන්න තීරණය කරන මොහොත දක්වා නම් කරන ලද අපේක්ෂකයින්ගේ කාර්යය සහ උත්සාහයන් ඇගයීමට සීමා වනු ඇති බවත්ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page