වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස හා වී තොග සම්බන්ධව පවතින ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වේ.
මෙහිදී ගොවීන් විරෝධදතා දක්වමින් ඉල්ලා සිටිනුයේ වී සඳහා රුපියල් 150 ක සහතික මිලක් ලබාදිය යුතු බවයි.
ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් මෙම විරෝධය සංවිධානය කර ඇති අතර මේ සඳහා මහ කනදරාව මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන ද එක්ව තිබේ.
ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ආරම්භ කරන ලද විරෝධතාවය හේතුවෙන් A9 මාර්ගය රඹෑව මංසන්දියෙන් වසා දැමීමට පියවර ගෙන ඇත.
.
