තුල්හිරිය ප්‍රදේශයේ අද (12) උදෑසන 5.30ට පමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අඹේපුස්ස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ ටිපර් රථයක තුල්හිරිය ප්‍රදේශයේ දී ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එකම පවුලේ පියා (40), මව (39) සහ පුත්‍රයා (13) වන අතර ඔවුන් රඹුක්කන පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page