මැතිවරණයක් නොමැති සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලෙස හැඳින්වීමේ හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරීස් පවසනවා.

දේශපාලන සංස්කෘතිය සම්බන්ධයෙන් බරපතළම ප්‍රකාශය පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදුකළ බවත් ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයේ හරය වන්නේ, මැතිවරණයක් ගැන ජනතාවට උනන්දුවක් නොමැති බවත් මැතිවරණ කිසිසේත් වැදගත් නොවන දෙයක් බවයි ජී.එල් පීරීස් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ඒ අනුව මැතිවරණ එපා බවට සඳහන් කරන පාලකයා ජනතාවගේ මතයට ගරු කරන පාලකයෙක් නොවන බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ජනතාවගේ අනුමැතියකින් තොරව රට පාලනය කරනවා නම් එය ඒකාධිපති පාලනයක් බවත් රජය දිගින් දිගටම වැඩ කළ ආකාරය මැතිවරණ අපිට වැදගත් නොවන බවට සඳහන් කරමින් පසුගියදා වචනයෙන්ම ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරීස් වැඩිදුරටත් සඳහන් කළේ.  

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page