2023 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන් අමෙරිකානු ඩොලර් මිලියන 2,346.9 ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

2022 වසරේ එම කාල වකවානුව තුළ මෙරටට ලැබී තිබූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1335.6 ක් වන අතර එය 2023 හා සංසන්දන​ය කිරීමේදී 75.7% කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.

එසේම 2023 මැයි මාසයේදී මෙරටට ලැබී ඇති විගමනික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 497.7 ක් වන අතර එය 2022 වසරේ මැයි මාසයට සාපේක්ෂව 57.7% ක වර්ධනයක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.  

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page