මෙරට පුද්ගලයින් ලක්ෂ 75කට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණ​ය වී ඇති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව තුළ වෙසෙන සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 කට අධික අතර ඉන් 33%ක් මේ වනවිට දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා ඇතැයි එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් කළ නවතම අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.

මෙරට පවුල් ලක්ෂ 37 ක් රජයෙන් සහන ඉල්ලා ඇති බවද අදාළ අධ්‍යනයෙන් හෙළිව ඇති බවත් එය සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 65%ක් බවත් මෙය බරපතළ තත්ත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආසියානූ පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතරින් ශ්‍රී ලංකාව 20 වැනි ස්ථානයේ පසුවන බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් සඳහන් කළේ. 

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page