මේ වසරේ අවසාන කාර්තුව වනවිට ධන ආර්ථිකයක් කරා රට ගමන් කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

උද්ධමනය මෙතරම් ඉක්මනින් අඩුවනු ඇති බවට ජාත්‍යන්තරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

2024 වසරේ රට ධන ආර්ථිකයක් කරා යන බවට ශ්‍රී ලංකා මහ බැංකුව , ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ප්‍රකාශ කර ඇති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව වෙතින් ඉටුවිය යුතු කොටස සිදු කිරීමට අධිෂ්ඨා​න කරගත යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.  

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page