ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මංගල්‍යයේ අවසන් දිනය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.
කිරිවෙහෙර විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා , රැස්ව සිටි ජනතාව සමග පිළිසඳරක යෙදුනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අවසන් මහා පෙරහැර ඇරඹීම සඳහා කණ්ඩුල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහැර ආරම්භ කරන ලදි.
