අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය පෙරපාසලේ සිට ඉතා විධිමත් ව සැකසිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි .
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) බෝමිරිය ජාතික පාසලේ පැවති උත්සවයක් අමතමින් ය.
දිවයින පුරා විසිරී සිටින විවිධ වර්ගවල පෙරපාසල් 19,000 ක සිටින 40,000ක් පමණ වන පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් Show දීමට කටයුතු යොදන බවත් විධිමත් සහතිකයක් අනුව පමණක් පෙරපාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසූවේ.
තවදුරටත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේ, ප්‍රාථමික අධ්‍යාපනයේ අඩිතාලම වැටෙන පෙරපාසල් අධ්‍යාපනය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි.
